Wednesday, August 13, 2014

අරලිය - [Araliya]

අරලිය කියන්නෙත් අපේ රටේ හැමදෙනෙක්ම වගේ දන්න කියන ශාකයක්. එත් මමත් විස්තර ටිකක් ලියල තියන්න ලැස්ති නොදන්න කෙනෙක් හිටියොත් බලාගන්න. 

අරලිය වලට කියන විද්‍යාත්මක නාමය(Scientific name) තමයි Plumeria rubra. සාමාන්‍යයෙන් 20 - 25 මීටර් විතර අරලිය ගහ උස යනවා. ඒ වගෙම ප්‍රමාණයක් පැතිරෙන්නත් පුළුවන් අරලිය ගහට. 

සම්පුර්නයෙන්ම මෙම ශාකය අලංකාරය සදහා පමනක්ම යොදා ගනියි. මෙහි කිසිදු ඵලයක් හට නොගන්නා අතර කිසිදු ආහාරමය වටිනාකමක් නොමැත. 

මීළගට කියන්න තියෙන වැදගත්ම දෙ තමයි, ගහ ප්‍රමාණයෙන් මොන තරම් උනත් ශක්තියෙන්නම් අනිත් ශාක වලට වඩා ගොඩාක් අඩුයි. ඉතාමත් පහසුවෙන් කැඩිල යන්න පුළුවන් තරම් දුර්වලයි. ඒ නිසා මේ ගහක නගින්න එහෙම යනවනම් ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ. තවත් වැදගත් දෙයක් තමයි අරලිය කිරි ඇස් වලට ගොඩක් විෂ සහිතයි. වැරදීමකින් හෝ ඇසකට වැටුනොත් හැකි ඉක්මනින් හොදින් සෝදා වෛදයවරයෙක් ලගට යන එක තමයි කරන්න පුළුවන් හොදම දේ. 

ශ්‍රී ලංකාවෙදී අරලිය විශේෂ කිහිපයක් දකිය හැක. 

වැඩි විස්තර ඔනේනම් මෙතනින් බලාගනන් පුළුවන්. පින්තුර ඔනේනම් මෙතනින් ගිහින් බලන්න පුළුවන්. 






මෙම බ්ලොග් අඩවියට පැමිණි සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම හැමදෙනාගෙන්ම ඉල්ලනවා මෙ පේජ් එකෙ තියෙන අඩුපාඩු මොනවද කියල මට කියල යන්න කියල. ඉදිරි කාලෙදි ගොඩක් හොදට මේ වැඩේ කරගෙන යන්න ඒක ලොකු උදව්වක් වේයි. තව මේ පේජ් ඒකට අලුතින් එකතුවෙන්න මොනවහරි තියෙනව කියල හිතෙනවනම් ඒ දෙවලුත් කියල යන්න.  

Tuesday, August 12, 2014

අඹ - [Mango]

Scientific Name : Mangifera indica L

ශ්‍රී ලංකාවෙ වෙසෙන ඔනෑම කෙනෙකු ඉත හොදින් දන්නා ශාකයක් ගැන තමයි අද කියන්න යන්නෙ. අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ, නම කියපු ගමන් ඉතින් හැමොටම මතක් වෙන්න අති ඉතින්. අපි හැමෝම දන්නව වගෙ අඹ කියන්නෙ ගොඩක් අය අසාවෙන් කන පළතුරක්. ඊට අමතරව ව්‍යංජනයක් විදිහටත් යොදා ගන්න පුළුවන්.

මූනමල් [Munamal]

Scientific name : Sapotaceae

මල් ඉතා සුවඳවත් වන අතර ආසවනය කර සුවඳ විලවුන් කර්මාන්තයේදි යොදා ගැනේ. ගෙඩි ආහාරයට ගත හැකිය. ගෙඩි අච්චාරු සදහා යොදා ගන්නා අතර ගෙඩිවලින් ලබාගන්නා තෙල් කෑමටද පහන් දැල්වීමටද අතීතයේ යොදාගෙන ඇත. මෙම  ශාකය වියලි කලාපයේ දිය පහරවල් ආශ්‍රිතව වර්ධනය වේ. ගෙඩි හා පොතු දේශීය වෙද‍ය ක්‍රමයෙදි මුඛ රෝග සුව කිරීම සදහා යොදා ගැනේ.

Saturday, August 9, 2014

ජම්බෝල [JAMBOLA]

Scientific name : Citrus grandis
English name : Pomelo

දොඩම් කුලයට අයත් මෙම ශාක විශේෂය ලංකාවේ බොහෝ ප්‍රදේෂ වල ව්‍යාප්තව පවතී. දොඩම් ගෙඩියකට වඩා මදක් විශාල වන මෙම ශාකයෙ ඵල පලතුරක් ලෙස අහාරයට ගනු ලැබේ. ජම්බෝල මදයෙහි වර්නය අනුව වර්ග දෙකකට බෙදා ඇත*. එනම් සුදු හා රතු ලෙසයි. අඩි 5ක් 20ක් පමන උසක් සහිතව මෙම ශාක වැඩෙනු ඇත. වර්ශයකට වතාවක් ඵල දරයි. 


Related Posts Plugin for WordPress, Blogger...